May 17, 2024

මෛත්‍රිපාලගෙනුත් ඡන්ද පොරොන්දු මල්ලක්

November 28, 2014

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ප්‍රථම මැතිවරණ ව්‍යාපාරය එළඹෙන නොවැම්බර් 30 වැනි දා පොළොන්නරුවෙන් ආරම්භ කිරීමට නියමිතය.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කිරීම හිටපු අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්ත මහතා විසින් සිදු කළහ.

එහිදී අදහස් දැක්වූ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ දෙසැම්බර් 08 වැනිදායින් පසු ජනාධිපතිවරනයට අදාළ සියළු පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස  තමා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම මේ වන විට රට තුළ සිදු කෙරෙමින් පවතින සංවර්ධන ක්‍රියාවලියන් තමා ජනාධිපතිවරයා වීමෙන් පසු තුනෙන් එකකට වියදම් අඩු කර සිදු කිරීමට පියවර ගන්නා බවයි. එහිදී ගොවි විශ්‍රාම වැටුප වැඩි කිරීමද තමාගේ අපේක්ෂාව බව සඳහන් කළහ.

රටේ මානව හිමිකම් පිළිබඳ ගැටළුව උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ නිර්දේශ මත පදනම් වූ විසඳුම් කරා යොමු වීමටත් පියවර ගනනා බව පවසා සිටි.

මේ අතර මෙම මධ්‍ය හමුව සඳහා ප්‍රමාද වී වැඩම කල ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේ සහය පළ කරනු ලබන තම තීරණය ඉදිරි සඳුදා හෝ අඟහරුවාදා දින දෙකින් එකකදී ප්‍රකාශ කරන බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 28 November 2014 14:17