May 17, 2024

ගමක් කැළඹූ වන අලියා පන්සල් වත්තකට ඇතුළු වෙයි

November 28, 2014

හිඟුරක්ගොඩ නගරයට කඩා පැනපු අලියා මෙල්ල කළ කොහැකිව තව දුරටත් රැදී සිටින බව වාර්තා වෙයි. මේ හේතුවෙන් මුළු ගමක්ම නොසන්සුන් තත්ත්වයකට පත්ව ඇති බවයි එහි සිටින අප වාර්තාකරු පවසන්නේ.

ඊයේ සවස ගම් වැදුණු මෙම වන අලියාගේ පහර දීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන අතර ඔවහු පොලොන්නරුව රෝහලට හා හිඟුරක්ගොඩ රෝහලට අතුළත් කර සිටි. පහර කෑමට ලක්ව ඇත්තේ එකම පවුලේ මවක් සහ දියණියක් වන අතර ඒ බොරළුකන්ද ප්‍රදේශයේදීයි.

අලියා නිර්වින්දනය කිරීමට අවශ්‍ය කටයුතු මින්නේරිය වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලීසිය හා යුද හමුදාව එක්ව සිදුකෙරෙමින් පවතින අතර මේ වන විට වන අලියා පන්සල් වත්තකට ඇතුළු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

සමීර - පොළොන්නරුව

 

 

Rate this item
(0 votes)