May 17, 2024

හාන්ස් විජේසූරිය තනතුරෙන් පහ කිරීමට හර්ෂ ද සිල්වාගෙන් කුමන්ත්‍රණයක්!

November 28, 2014
ඩයලොග් ප්‍රධාන විධායක හාන්ස් විජේසූරිය මහතාට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ඇතැම් පිරිස් ගෙනයනබව වාර්තා වෙයි.හාන්ස් විජේසූරිය මහතාට විරුද්ධව ඩයලොග් ආයතනය ඉදිරිපිටදී ඊයේ  විරෝධතා ව්‍යාපාරයක් සුදානම් කර ඇති අතර  ඒ සඳහා සහභාගී වී ඇත්තේ 25කටත් අඩු පිරිසක් බව වාර්තා වෙයි.  එ.ජා.ප. බොරැල්ල සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා මහතාගේ  පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ උපදෙස් පරිදි මෙම උද්ගෝෂණය සංවිධානය කර ඇති බව වාර්තා වන අතර මේ සඳහා මහරාජා සංවිධානය විශාල මුදල් ප්‍රමාණයක් ජයන්ත ද සිල්වා මහතාට ලබාදී තිබේ.
 
ඩයලොග් ඒජන්සි රාශියක් හාන්ස් විජේසූරිය මහතාගෙන් ලබාගැනීමට  එ.ජා.ප.යේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා උත්සහ දරා ඇති අතර ඒ සඳහා හාන්ස් විජේසූරිය මහතා එකඟ නොවූ හෙයින් සිරස රූපවාහිණිය හා එක්ව මෙම විරෝධතාව පවත්වා ඇත. මේ සඳහා සහභාගී වූවන්ට රුපියල් 5000 ක මුදලක්, කෑම  පාර්සලයක් ලබාදී ඇති බව වාර්තා වෙයි.
Rate this item
(0 votes)
Last modified on Friday, 28 November 2014 10:23