May 06, 2024

කරුණු තුනක් ඉටුකරන ජනපති අපේක්ෂකයාට හෙළ උරුමය සහය දෙයි 

November 28, 2014

තම පක්ෂයේ ප්‍රධාන යෝජනා ඉටුකිරීමට එකඟතාව පළකරන අපේක්‍ෂකයාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

ඒ අනුව විධායක ජනාධිපති ක‍්‍රමයේ ඇති අත්තනෝමතික බලතල ඉවත් කිරීම, යහපාලනය සඳහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සහ ජනතාවට වගකියන මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම යන කරුණු තුන ඉටුකළ යුතුය.

ඔහු මේ බව පැවසූවේ අද (27) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවති ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහය ලබාදීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැනුම්දීම සඳහා රැස්වීමකදීය. 

එහි මහලේකම් පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ අදාළ යෝජනාවලට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බවයි. 

කෙසේ වෙතත් පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඊට සාධනීය ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. 

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය ලබානොදෙන බව ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසූහ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 28 November 2014 00:05