May 06, 2024

ආණ්ඩුවේ අයට මාව පෙන්නන්න බැහැ - මෛත්‍රි

November 27, 2014

දුම්වැටි සම්බන්ධයෙන් තමන් විසින් ගෙන එන ලද ගැසට් නිවේදනයත් සමග ආණ්ඩුවේ අයට තමන්ව පෙනෙන්න බැරි චරිතයක් වූ බව පොදු අපේක්ෂක හිටපු සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එකී ගැසට් නිවේදනයට බො‍හෝ දෙනා එරෙහි වූයේ යැයි හිටපු අමාත්‍යවරයා අද (27) කියා සිටියේ එක්සත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රැස්වීමකට සහභාගි වෙමිනි.

තමන් විසින් ගෙන එන ලද එම යෝජනාව නිසා රටට “සුද්දෙක්වත් එන්නේ නෑ” යනුවෙන් ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් කියා සිටි බවද සිරිසේන මහතා එහිදී පවසා ඇත.

දුම්වැටි පැකැට්ටුවල සියයට 80 රූපමය අවවාද සියයට 60 දක්වා අඩුවුණේ එකී හේතුව නිසා බවද පැවසූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා තමන් ජනපති වූ පසු දුම්වැටිවල රූපමය අවවාද සියයට 90 දක්වා ඇතුළත් කිරීමට පියවර ගන්නා බවද අවධාරණය කළේය.

Rate this item
(0 votes)