May 07, 2024

ඌවේ පළාත් සභා රැස්වීමට හරීන් නොඑයි - යළි රැස්වීම ජනවාරි තෙක් කල් දමයි

November 27, 2014

අද රැස්වූ ඌව පළාත් සභා රැස්වීම සඳහා විපක්ෂ නායක හරීන් ප්‍රනානදු මහතා එක්ව නොසිටි බව වාර්තා වෙයි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි බලයක් හිමි ඌව පළාත් සභාවේ මීළඟ රැස්වීම් ජනවාරි සහ 15 වැනි දා දක්වා කළ තැබීමට හැකි වූ බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් පැවැති රැස්වීම් කාලය අතර තුර ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු සිව් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය හා එක් වීමේ සූදානමක් පිළිබඳවද සභාවේදී දෙපිරස අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

මේ වන විට ඌව පළාත් සභාව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රි ආසන 19 ක් සහ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රි ආසන 15 ක් හිමි වෙයි.

වැලිමඩ -ප්‍රේමලාල් රත්නායක

Rate this item
(0 votes)