May 07, 2024

ආණ්ඩුවට සහය දෙන්න හිරුණිකා නැහැ

November 27, 2014

එළඹෙන බස්නාහිර පළාත් අයවැයේදී ආණ්ඩුවට සහාය දක්වන මන්ත්‍රී කණ්ඩායම විසින් කොළඹදී මේ වන විට පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එහි මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සහභාගී නැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම හෙළ උරුමයේ මන්ත්‍රී කණ්ඩායමද එයට එක්ව නැති අතර ඔවුන් මේ වන විට කොළඹ නව නගර ශාලාවෙදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිටි.

කෙසේවෙතත් ආණ්ඩුවට සහාය දක්වන මන්ත්‍රී කණ්ඩායම  වෙනුවෙන් තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම පැමිණ නැති බවයි අනාවරණය වෙන්නේ.

මේ වන විට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සම්බන්ධයෙන්ද විවිධ මත පළ වෙමින් තිබේ.

Rate this item
(0 votes)