May 07, 2024

“ඔව් මම  යනවා“ - ඇමති ජගත් පුෂ්පකුමාරගෙන් අමුතු පිළිතුරක්

November 27, 2014

කපුටා හැදූ කූඩුවේ කොහා බිත්තර දානවා වගේ එජාපය හිතන්නේ නම් කවුරුන් හෝ යොදා බිත්තර දාන්න බවත් ඒ ඔවුන් දකින හීනයක් පමණක් බවත් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (26) වැල්ලවාය නගරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරමිනි.

“මම පක්ෂයෙන් යනවාද කියලා කෝල් එනවා, එස්.එම්.එස්. එනවා. මගේ ෆෝන් එකට නිදහසක් නැහැ. විනාඩි පහළොවෙන් පහළොවට බැටරි චාර්ජ් කරන්න වුණා. මම යනවද කියලා අහනවනේ. ඔව් මම  යනවා. හැබැයි ඒ පක්ෂයෙන් නෙවෙයි. දවසින් දවස වයසට තමයි යන්නේ.“ යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

භීෂණයට මුහුණ දී දුක්විඳ ගොඩනැඟු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන කූඩුව අතහැර යන්න තියා එහි වෙන අයට බිත්තර දාන්න ඉඩ ලබා නොදෙන බව ද හෙතෙම කියා සිටියේය.

තවදුරටත් සිය අදහස් දක්වන අමාත්‍යවරයා; “ජනාධිපති මැතිවරණයට අදාළ මෙහෙයුම් කටයුතු සියයට අනූවක් පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන නිම කර තිබියදි අපිට විරුද්ධ ව තරග කරන්න එන කෙනාට පක්ෂයක්, පාටක්, ලකුණක් නොමැති ව බාලගිරි දෝෂය වගේ අද නෙවෙයි හෙට කිය කියා හිනා වෙමින් සිටිනවා.“

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 November 2014 15:57