May 07, 2024

තවත් ප්‍රබලයින් එජාපයට - එජාප වන්නි සංවිධායක

November 27, 2014

ඉදිරි දිනයන්හිදී වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ ප්‍රභලයින් රැසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බැව් වවුනියාව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක පි.ඒ.කරුණාදාස මහතා පවසයි.

කරුණාදාස මහතා පෙන්වා දෙන්නේ සන්ධානය නියෝජනය කරන හුනයිස් ෆාරුක් මන්ත්‍රීවරයා සන්ධානය අතහැර ඊයේ (26) දින එක්සත් ජාතික පක්ෂයට පැමිණි ආකාරයටම වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන අනෙක් ප්‍රභල දේශපාලකයන් රැසක්ම එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිතව සිටින බවයි.

වවුනියාව එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා වැඩිදුරටත් පැවසූවේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අදාළ පිරිස එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවයි.

වවුනියාව දිස්ත්‍රීක්කයේ බහුතරයක් ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වනු ඇති බැව්ද හෙතමෙ පවසයි.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)