May 08, 2024

මෛත්‍රීගේ මැතිවරණ ප්‍රකාශය මෙන්න

November 27, 2014

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් ව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශය මේවන විට සකස් කර අවසන් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ප්‍රධාන කරුණු තුනක් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බවත් එය ඉතා කෙටි සාරාංශගත ප්‍රකාශණයක් බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජනතාවගේ ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීම, දූෂණ වංචා තුරන් කිරීම, විනිවිද යහ පාලනයක් ඇති කිරීම යන ප්‍රධාන කරුණු තුන එම ප්‍රකාශනයේ ඇතුළත් වී ඇත.

මේ අතර එම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙරවදනට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා ජාතික ආණ්ඩුවක් ඇති කිරීම යන කරුණු ඇතුලත් වී ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳ අප එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මේවන විට සකස් කරමින් පවතින බවත් ඒ පිළිබඳ කරුණු කඩිනමින් ඉදිරිපත් කරන බවත්ය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා හා විපක්ෂයේ පක්ෂ අතර අවබෝධතා ගිවිසුම දෙසැම්බර් 01 වැනි දා අත්සන් කිරීමට සැළසුම් කර ඇති බවත් විධායක ජනාධිපති ධුරයේ බලතල දින සියයකින් ඉවත් කොට පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයකු දින 100ක් තුළ පත්කිරීම, ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම වැනි කරුණු එම ගිවිසුමට ඇතුළත් වන බවත් කරූ ජයසූරිය මහතා පැවසී ය.

 

Rate this item
(0 votes)