May 08, 2024

ජනාධිපතිවරණ සහය ගැන TNA ඉඟි පළ කරයි

November 27, 2014

දෙමළ ජනතාවගේ ගැටලූවලට මෙන්ම එම ජනතාව වෙනුවෙන් වඩාත්ම සංවේදී වන අපේක‍ෂකයා වෙනුවෙන් මෙවර ජනාධිපතිවරනයේදී සහය දීමට සූදානමක් පවතින බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන‍ද්‍රන් මහතා සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සූදානම පිළිබඳව විමසීමේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටි අතර එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙවැන්නකි.

‘ඉදිරියේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සිංහල ජනතාව බලන කෝණයෙන් නෙමෙයි දෙමළ ජනතාව බලන්නේ. සමහර අයට ඕන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. නමුත් මේ දෙමළ ජනතාවට ඊට වැඩිය ප්‍රශ්න තියනවා. ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්. ඒ වගේම නැවත පදිංචි කිරීම්වලදී සිදුව ඇති අක්‍රමිකතා වැනි දෙවල්. දැන් ප්‍රධාන අපේක‍ෂකයෝ දෙන්නෙක් ඉන්නවා ඒ අතරින් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ වෙනුවෙන් අවධානය යොමු කරන කෙනා ගැන තමයි අපි බලන්නේ.  ඉදිරි දිනකදී අපේ පක‍ෂ නායකයින් ඇතුලූ සාමාජිකයින් ඉතා ඉක්මණින් රැස් වෙලා ගන්න තියෙන තීරණේ අරන් අපි අපේ තීරණය රටටම කියනවා’. යනුවෙනි.

රොමේෂ් මධුෂංඛ - වන්නි

 

Rate this item
(0 votes)