May 08, 2024

වමේ පොදු අපේක්ෂකයා දුමින්ද නාගමුව 

November 27, 2014

ඉදිරි ජනාධිපතිවරණය සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ පොදු අපේක්ෂකයා ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා වාමාංශික පක්ෂ කිහිපයක් අතර සාක්ච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.  

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සදහා නව සම සමාජ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ මධ්‍යම කාරක සභික මෙන්ම අතුරුදන්වූවන් පිළිබද සොයා බැලිමේ සංවිධානයේ ලේකම් සුන්දරන් මහේන්ද්‍රන් ඉදිරිපත් කිරීමට තීරණය ඇත.

පොදු අපේක්ෂක මෛති‍්‍රපාල සිරිසේන හට සහය දක්වන අතරතුර ජන බලවේගයක් ගොඩනැගීමේ අරමුණින් තම අපේක්ෂයා ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන බව නව සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා කොළඹදී අද (27) පැවති මාධ්‍ය හමුවකදී පැවසී ය.

Rate this item
(0 votes)