May 08, 2024

ප්‍රසන්න සෝලන්ගආරච්චි රජය හැර යන බව නිල වශයෙන් දන්වයි

November 27, 2014

කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්නසොලන්ගරච්චි මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේකෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීමේ නිල නිවේදනය සිදු කර තිබේ.

ඒ අනුව ඊයේ පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් රැස් කර පවත්වනු ලැබූ සාකච්ඡාවකදී ප්‍රසන්න සෝලන්ගආරච්චි මහතා මේ බව සඳහන් කර තිබේ.

වාර්තා වන අන්දමට රැස්ව සිටි සියලුම මන්ත්‍රිවරුන්ගේ සහය එම තීරණය වෙනුවෙන් ප්‍රසන්න සෝලන්ගආරච්චි වෙත හිමි වූ බවද සඳහන්.

මේ අතර ඊයේ පස්වරුවේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේදී කොළොන්නාව නගර සභා මැතිඇමතිවරුන් සහ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය මන්ත්‍රිවරුන් වෙත විශේෂ රැස්වීමක් කැඳවා තිබූ අතර සභාපති ප්‍රසන්නසොලන්ගරච්චි මහතා ඊට සහභාගී නොවූ බවද වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 28 November 2014 10:13