May 08, 2024

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරු හදිසියේ රැස්වේ

November 27, 2014

බස්නාහිර පළාත් සභාආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක්  පළාත් ප්‍රධාන අමාත්‍යකාර්යාලයයේදී  අද (27) පස්වරු 1ට පැවැත්වීමට නියමිතයි.

අයවැය විවාදය සහ ඡන්දය දෙසැම්බර් පළමුවැනිදා සිට හතර වැනිදා  දක්වා පැවැත් වීමට නියමිතය.

ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් තිදෙනා අයවැයට ඡන්දය නොදුන්නොත් පළාත් සභාවේ බලය පිළිබඳව අවදානමක් ඇති විය හැකි බැවින් අයවැය ඡන්දයේදි කටයුතු කළයුතු ආකාරය පිළිබඳ මන්ත්‍රීවරුන්  දැනුම්වත්  කිරීම සඳහා මෙම රැස්වීම කැඳවු බව එහි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

හෙළ උරුමයේ මන්ත්‍රී තිදෙනා ඉවත් වුවහොත් ආණ්ඩු පක්ෂයට බහුතරය  ආසන තුනකට අඩු  වන අතර එයද වෙනස් කර ආණ්ඩු පක්ෂය පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවටද තොරතුරු ඇතැයි ප්‍රධාන සංවිධායක පෙන්වා දෙයි.

Rate this item
(0 votes)