May 09, 2024

ඇමති ජීවන්ගේ සහයත් මෛත්‍රීට - මෛත්‍රීගේ සොහොයුරු කියයි

November 27, 2014

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රබල දේශපාලන පසුබිමක් ඇති තැපැල් අමාත්‍යවරයා  වන ජීවන් කුමාරතුංග මහතා මේ වන විට ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවස වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන චමින්ද සිරිසේන මහතා විසින් මේ බව පොළොන්නරු මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කර ඇති බවයි දැනට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේවෙතත් අප මේ පිළිබඳව චමින්ද සිරිසේන මහතාගෙන් සිදු කළ විමදීමකදී හෙතෙම සඳහන් කළේ අදාල පැමිණීම පිළිබඳව තමන්ට විස්වාශයක් පවතින බවත් ඉදිරි සති දෙක තුළ ආණ්ඩු පක්ෂයේ 30 දෙනෙකු මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක් වීමේ අදහසින් පසුවන බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ මාධ්‍ය ලේකම් බුද්ධික ඉද්දමල්ගොඩ මහතාගෙන් කළ විමසීමකදී සදහන් කළේ එවැනි සාකච්ඡාවක් සිදු නොකළ බවත් එම තොරතුර අසත්‍ය එකක් බවත්ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 November 2014 15:43