May 09, 2024

අද කාළගුණය

November 27, 2014

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සමහර ස්ථානවලට තද වැසි (මිලී මීටර්100 කට වඩා)  ඇතිවීමටද ඉඩ ඇත.

දිවයින හරහා සහ දිවයින අවට මුහුදේ සුළගේ වේගය පැ කි මි70 දක්වා වැඩිවීමේ වැඩි හැකියාවක් ද පවතී.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය සළකා බැලීමේදී දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 70 පමණ දක්වා ඉහල යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය.

Rate this item
(0 votes)