May 17, 2024

ලොකු වෙනසක් කරන බොදු බලයේ තීන්දුව අද 

November 27, 2014

ජනාධිපතිවරණය පිළිබඳ බොදුබල සේනාවේ අවසන් තීන්දුව අද (27) ප්‍රකාශ කරන බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

දින 12ක් පුරා රටවටා සිටින බෞද්ධ ජනතාව බෞද්ධ සංවිධාන හා ජාතික හෙළ උරුමය සමග පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාවන්ගෙන් අනතුරුව තම සංවිධානයද තීරණයක් ගත් බව උන්වහන්සේ පෙන්වා දෙයි.

ඒ අනුව එම තීරණය අද ප්‍රකාශයට පත් කරන බවත් මේ වන විට ජනාධිපතිරවණය ප්‍රකාශයට පත් කර ඇති බැවින් තම සංවිධානයේ තීරණය ප්‍රකාශයට පත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී විශාල වෙනසක් කිරීමට බලා‍පොරොත්තු වන බවත් උන්වහන්සේ අවධාරණය කළහ. 

Rate this item
(0 votes)