May 17, 2024

අනුරපුරේ පූජා භූමිය හෙල්ලු වන අලියා මෙල්ල කළ හැටි (VIDEO)

අනුරාධපුර පූජා භූමිය අවට සැරිසැරී වන අලියෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (26) ජීවිතක්ෂයට පත් වූහ.

මෙම වන අලියා නගරය පුරා සැරීසැරූ බැවින් ඊයේ පෙරවරුවේ දැඩි කලබලකාරී තත්ත්වයක් මතු විය. මෙම වන අලියා තිසා වැව අසළ පිහිටි වන රක්ෂිතයේ සිට කුඹුරක් හරහා ඇල්ලකට්ටුව මාර්ගයට ද ඉන්පසු නගරය දෙසට ද පැමිණ ඇති බවට ජනතාව සැක කරයි.

ඊයේ පෙරවරු 6.30 ට පමණ අනුරාධුපුර ආරිප්පු පාරේ සිට ඇල්ලකට්ටුව දක්වා පා පැදියකින් ගමන් කළ 65 හැවිරිදි  පුද්ගලයෙකු මෙම වන අලියාගේ ප්‍රහාරයට ලක් වීමෙන් මිය ගිය අතර පසුව පහර දීමට ලක් වූ 60 හැවිරිදි  තවත් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් විය.

වන ජීවී නිලධාරීන්, පොලිසීය, විශේෂ කාර්යය බලකාය හා හමුදාව මෙම වන අලියා මෙල්ල කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත වී ඇති අතර පසු පැය 6ක දිගු මෙහෙයුමකින් පසු අලියා නිර්වින්දය කොට බැඳ තබන්නට වනජීවී නිලධාරීන් සමත් වූහ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 November 2014 11:06