May 17, 2024

පක්ෂයෙන් ගිය කෙනෙකු පක්ෂයේ සිටින බව පැවසීම විහිළුවක්

November 27, 2014

පක්ෂයෙන් ගිය කෙනෙකු පක්ෂයේ යැයි පැවසීම විහිලූවක් බවත් එම කථාව කිසිදු කෙනෙක් පළිනොගන්නා බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන පායා මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බහුකාර්ය මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කළ මාකදුර ප‍්‍රජාශාලව ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති ජන හමුව අමතමිනි. 

ජනාධිපතිවරයා පැරැද්දවීමට හිටපු මහ ලේකම්වරයා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග කටයුතු කරන බවත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව පවසන බවත් පැවසීය. 

මෛත‍්‍රීපාල මහතාගේ රැස්වීම්වලට දැන් පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සාමාජිකයින් බවත් එසේම වසර 10 ක් තුළ එක්සත් ජාතික පක්ෂය තම සාමාජිකයින්ගේ ඡන්ද අයිතිය උදුරාගෙන ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණට වඩා අසරණ වි ඇති බවත් අද වෛරී දේශපාලනයක් නිර්මාණය කර ඇති බවත් ඔවුන් සියල්ල එකතු වී ජනාධිපතිතුමා පැරැද්දවීමට උත්සාහ ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ කක්කුටු දේශපාලන න්‍යාය එක්සත් ජාතික පක්ෂය රනිල් වික‍්‍රමසිංහ මහතා අනුගමනය කරමින් සිටින බවත් ජනාධිපතිවරයා ඒකාධිපති පාලනයක් ගෙන යන බව පවසමින් බොරු වපුරන බවත් ඒකාධිපති ක‍්‍රමය තුළ මැතිවරණ නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

හෙතෙම වැඩිදුරටත් පැවසූවේ අද මැතිවරණයට ඉදිරිපත් වන මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියට ගෙන ශක්තිමත් රටක් අස්ථාවර කිරීමට කටයුතු කරන බවත් මේ අය අසුචි ඔලූවේ තබාගෙන කටයුතු කරන බවත් එය තමන්ට නොපෙණෙන බවත් ය.    

Rate this item
(0 votes)