May 17, 2024

ඇමති තොන්ඩමාන් උතුරට යයි 

November 27, 2014

කඳුරට විසූ ඉන්දීය පුරවැසිභාවය හිමි ජනතාව හමු වී ඔවුන්ට ඇති වී ඇති ගැටලු පිළිබඳ ව සොයා බැලීම සඳහා පසුගිය දා ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම්, අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වවුනියා ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වූහ.

එම කණ්ඩායම විසින් එම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් යටිතල පහසුකම් සංවර්ධනය හා විවිධ ව්‍යාපෘති ඔස්සේ සැලසෙන වාසි නිසියාකාර ව ඔවුන්ට ලබා දීම  පිළිබඳ ව මෙහිදී සොයා බලන ලදී. 

හිටපු අමාත්‍යවරයකු වු දිවංගත සෞම්‍යමුර්ති තොන්ඩමාන් මහතාගේ කාල වකවානුවේ දී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජනතාව හට ඇති වූ ගැටලු හා අඩුපාඩුකම් සෙවීමට හා ඒවා ඉදිරිපත් කිරීමටත් නියෝජිතයන් පත් කොට ඔවුන් හරහා උතුරු පළාතේ වවුනියා, මන්නාරම හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාල පිහිටුවන ලදී.

ඉන්දීය සම්භවයක්, පුරවැසිභාවයක් ඇති ජනතාව ලංකාවේ කොහෝ කොතැනක ජීවත් වුවත් ඔවුන් හඳුනාගෙන එම අයට මූලික පහසුකම් නියමිත වේලාවට අවශ්‍ය පරිදි සපයා දීම අද වන විට ලංකා කම්කරු කොංග්‍රසයේ අරමුණ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 November 2014 00:03