May 17, 2024

කොළඹ නගර සභාවේ කනිෂ්ඨ සේවකයන්ට පොතක්

November 26, 2014

කොළඹ නගර සභාවේ කනිෂ්ඨ සේවකයන් දෛනික රාජකාරි සඳහා පැමිණීමේදී අභ්‍යාස පොතක් රැගෙනවිත් පැමිණීමේ සහ පිටවීමේ වේලාවන් සලකුණු කර තමන්ට ඉදිරිපත් කර අතිකාල ලබා ගන්නැයි නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කර තිබේ.

ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් සේවකයන්ගේ අතිකාල සේවා සලකුණු නොකරන බවට තොරතුරු ලැබී ඇති බවත්, මේ නිසා සේවකයන්ගෙන් ඉහත ඉල්ලීම සිදුකරන බවත් ජයවර්ධන මහත්මිය පවසයි.

නාගරික කොමසාරිස්වරිය හා ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අතරමතුව ඇති මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට නගර සභාවේ දෛනික කටයුතුවලට බාධා ගෙන දී තිබෙන බවද වාර්තා වේ.

 

 

 

 

Rate this item
(0 votes)