May 17, 2024

ෆයිල් තියෙනවනම් එළියට දාන්න - අර්ජුන රණතුංග (VIDEO)

රටේ සිටිනා මැති ඇමතිවරුන්ගේ ලිපි ගොනු ජනාධිපතිවරයා සතුව ඇත්නම් ඒවා ප්‍රසිද්ධියට පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසන්නේ එසේ මැති ඇමතිවරුන්ගේ ලිපි ගොනු ළඟ තබා ගෙන රට පාලනය කරන්නේ නම් එය රටට කරන විනාශයක් බවයි, 

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමඟ හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට පැමිණ පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙය ප්‍රකාශ කළේය.

මැතිවරණයක් පැවැත්වෙන කාලය තුළ ෆයිල් ළඟ ඇති බව ප්‍රකාශ කරමින් වැදගත් තීරණ ගන්නා පුද්ගලයන්ගේ කීර්තිනාමයට හානි නොකරන ලෙසටත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

බිබීසි වෙත අදහස් පලකල එම වීඩියෝව පහතින්

Rate this item
(0 votes)