May 17, 2024

වමේ සාකච්ඡා බිඳ වැටේ - මමයි ජනපති අපේක්ෂකයා

November 26, 2014

එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසුරිය මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව පවසා ඇත.
 
අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ වමේ පක්ෂ එක්ව ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳ පැවති සාකච්ජා බිදවැටුණු බවයි.

විශේෂයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂයේ කණ්ඩායම් ඇතුළුවමේ විවිධ ව්‍යාපාර සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වු බව සිරිතුංග ජයසුරිය මහතා පැවසීය.

එම සාකච්ජා වලදී එකඟතාවකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කළ බව සිරිතුංග ජයසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සිරිතුංග ජයසූරිය මහතා 2005 ජනපති මැතිවරණ‍යට ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය.

Rate this item
(0 votes)