May 21, 2024

මෛත්‍රී හෙට සිරිකොතට 

November 25, 2014

ජනාධිපතිවණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් හෙට (26) සිදුවන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එ.ජා.ප සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම හමුව සිදුවන බවත් පක්ෂ සංවිධායකවරුන්, දිස්ත්‍රික් කළමනාකරුවන් හා පළාත් සභා මන්ත්‍රීවරුන්ද ඊට සහභාගීවීමට නියමිතය.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා හොරගොල්ලේ  බණ්ඩාරනායක සමාධියට අද (25) පෙරවරුවේ පුෂ්පෝපහාර දැක්වීය.

මේ අවස්ථාවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද පැමිණ සිටියාය.

 

Rate this item
(0 votes)