May 04, 2024

රජරටින් රජෙක් - මෛත්‍රි කියූ කතාව

November 24, 2014

අනුරාධපුර හා පොළොන්නරු යුගයෙන් පසුව නැවතත් රජරටින් රජෙක් බිහිවෙන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (24දා) සවස අනුරාධපුරයේ චාරිකාවක නිරතවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කර ඇත.

මෙහිදී අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදුටු සිරිසේන මහතා උන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී  මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ඣායනයක් පවත්වා ඔහුට ආශිර්වාද සිදු කර තිබේ.

"රටේ ජනතාව වෙනුවෙන් මෙවැනි තීරණයක් ගන්න සිදුවුණා.  රටේ නීතිරීතිවලට අනුකූලව ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා. මේ දවස් තුනට රටේ විශාල වෙනසක් සිදුවී තිබෙනවා. සියලු දෙනාගේම ආශිර්වාදයෙන් මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර දැහැමි පාලනයක් ගෙනයනවා." යනුවෙන්ද සඳහන් සිරිසේන මහතා පවසා ඇත.

මෙම අවස්ථාවට කරු ජයසූරිය, දයා ගමගේ, අර්ජුන රණතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක යන මහත්වරුන් ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද එක්ව තිබේ.

Rate this item
(0 votes)