May 04, 2024

අයවැය වැඩි ඡන්ද 95කින් සම්මතයි

November 24, 2014

2015 අයවැය තුන්වන වර කියැවීමේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 95 කින් අද (24) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 152ක්ද, විපක්ෂව ඡන්ද 57ක්ද ලැබුණු අතර 15 දෙනෙකු ඡන්ද ප්‍රකාශ කිරීමට සහභාගී වී නොමැත.

අද දිනයේදී මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පවත්වන අතර එම විවාදය අවසානයේ මෙම ඡන්ද වීමසීම පැවැත්වේ.

ඒ යටතේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 72,946,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 107,979,400,000ක් වැය ශීර්ෂ 102, 237 සිට 252 දක්වා හා 280, 296, 323, 324 හා 329 යටතේ අනුමත කරගැනීමට අද විවාදය පැවැත්විණි.

 

 

Rate this item
(0 votes)