May 04, 2024

ජනපති සටනට ඇප මුදල් තැන්පත් කිරිම අද සිට

November 24, 2014
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(24) සිට ආරම්භවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව අද සිට ලබන 5 වනදා දක්වා සතියේ වැඩකරන දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා ඇප මුදල් භාර ගැනීම සිදු කරනා බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශයට පත් කොට ඇත. 
 
නාම යෝජනා භාර ගැනීමට පෙර දිනය වූ දෙසැම්බර් 7 වන දා පෙරවරු 8.30 සිට මධ්‍යහ්න 12 දක්වා ද මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා ඇප මුදල් භාරගනු ඇත.
මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ, නාම යෝජනා භාර දෙන සෑම අපේක්ෂකයෙකු විසින් ම නාම යෝජනා භාරදීමට පෙර නියමිත ඇප මුදල් තැන්පත් කර තිබිය යුතු බව යි. 
පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 50,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු වන අතර පිළිගත් දේශපාලන පක්ෂයක නොවන අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් 75,000කි.
 
පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාම යෝජනා කරන අපේක්ෂකයින් හැර අනෙකුත් අපේක්ෂකයින් ඇප මුදල් භාරදීමේදී ව්‍යවස්ථාදායකයේ තෝරා පත්කර ගනු ලැබූ මන්ත්‍රීවරයෙකු බව හෝ මන්ත්‍රීවරයෙකුව සිටි බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ අත්සන යටතේ වූ සහතිකයක් මගින් සනාථ කිරීම අනිවාර්යය අවශ්‍යතාවක් බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ය.
 
Rate this item
(0 votes)