May 04, 2024

එජාප ප්‍රබලයෙකුගෙන් පොදු අපේක්ෂකයාට දෝස්මුරයක්

November 24, 2014

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට මහනුවරට පැමිණි අවස්ථාවේදී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාපයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු මෛත්‍රීපාල සිරිසේන මහතාව දැඩි විවේචනයට ලක් කොට ඇතැයි වාර්තා වෙයි.

මෙම විවේචනය එල්ල කර ඇත්තේ මුලින් ශ්‍රී ලංනිප මන්ත්‍රීවරුන් 32ක් විපක්ෂයට ගෙන එන බවට ප්‍රකාශ වුවත් එය මෙතෙක් ඉටු නොවීම නිසායි. එමෙන්ම ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡාවට මන්ත්‍රීවරුන් 13ක් පැමිණෙන බවට ප්‍රකාශ කළද පැමිණ සිටියේ 4දෙනෙකු පමණක් වීම ගැනද ඔහු ප්‍රශ්ණ කර ඇත.

එම අවස්ථාවේදී හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්නගේ මැදිහත්වීමෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අස්වසා තිබේ.

කෙසේ වෙතත් ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතා සමග දිවා ආහාරයවත් නොගෙන පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.     

 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 November 2014 16:56