May 03, 2024

'සිරස' වාරණය කළාට ජනපතිගේ විරෝධය

November 24, 2014

සිරස රූපවාහිනීයේ විකාශය වූ ‘සටන’ දේශපාලන වැඩසටහන විකාශය කිරීමේදී අවහිරතා ඇති වීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නොසතුට පළ කර ඇති බව වාර්තා වෙයි.

එම දේශපාලන වැඩසටහන විකාශය අවහිර කිරීමට සම්බන්ධ රජයේ මාධ්‍ය ආයතන නියාමන කරන ආයතන ප්‍රධානියෙකුට ජනාධිපතිවරයා මෙලෙස නොසතුට පළ කර ඇත.

සිරස මාධ්‍ය ජාලයට අයත් සිරස ටී.වී, ශක්ති ටී.වී, සහ එම්.ටී.වී. ස්පෝර්ට්ස් නාලිකා, පියෝ ටී.වී. සහ ඩයලොග් ටී.වී. ජාල ඔස්සේ නැරඹීමේදී අවහිරතා සිදුවූ බවට ප්‍රේක්ෂකයින්ගෙන් පැමිණිලි ලැබූණු බව සිරස මාධ්‍ය ආයතනය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)