May 04, 2024

ජවිපෙන් පුළුල් පෙරමුණක් (VIDEO) 

ජවිපෙ මැදිහත්වම ජනාධිපතිවරණය පවත්වන දිනයෙන් අවසන් වන කි‍්‍රයාමාර්ගයක් නොවන බවත් එය ඉන් ඔබ්බට යන පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමට කටයුතු කරමින් තිබෙන බවත් ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී අද (24) පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ සඳහා දිස්ති‍්‍රක් මට්ටමින් දැනුවත් කිරීමේ රැලි ගණනාවක් සූදානම් කර තිබෙන බවත් මේ සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ක‍්‍ර‍්‍රියා කරන බුද්ධිමතුන්, නීතිවේදීන්, කලාකරුවන් ඇතුළු පුළුල්තම පෙරමුණක් ගොඩනගන බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

“ඇත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ මැදිහත්වීම දැනටමත් අපි කරගෙන යනවා. ඡන්ද ව්‍යාපාරය තුළ එය තවදුරටත් පුළුල් කරමින් ඉදිරියට ගෙනයා යුතුයි. කවර හෝ ජනාධිපතිවරයෙකුගේ යටතේ මෙම ජයග‍්‍රහණ ලබාගැනීමට වඩා වැඩි ඉඩකඩ තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ මෙම ප‍්‍රයත්නය කි‍්‍රයාවට නැගීමෙන් බව පැහැදිළියි. ඒ නිසා කව්රු ජනාධිපති වුවත් ඉක්මන් මැතිවරණයක් ඒමේ ඉඩකඩ තිබෙනවා. එහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කි‍්‍රයාකරන බලවේගයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න අවශ්‍යයයි. ජනාධිපතිවරණය සඳහා අපේ කි‍්‍රයාකාරිත්වය පාර්ලිමේන්තු මැතිවරණයත් ඉලක්ක කරගත් අඛණ්ඩ ක‍්‍රියාකාරිත්වයක්. මෙය හුදු ජනාධිපතිවරණයක් ලෙස නොසළකා ඡන්දපොලේදී කතිරය ගසා අවසන් කරන දෙයක් වෙනුවට පුළුල් ජනතා කි‍්‍රයාකාරිත්වයක් සඳහා ශක්තිමත් පෙරමුණක් ගොඩනගනවා. දෙවනුව පුළුල් සමාජ ආර්ථික පරිවර්තනයක් සඳහා යන පියවරකට ඔසවා තැබීමට ජනතා විමුක්ති පෙරමුණ සැළසුම් සකස්කර අවසන්. එය කි‍්‍රයාත්මක කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරනවා. “ යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)