May 04, 2024

වත්තේගම එජාප මන්ත්‍රීගේ නිවසට ප්‍රහාරයක් (PHOTO)

November 24, 2014

වත්තේගම එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ති‍්‍ර ධනුෂ්ක චන්දන ලියනගේ මහතාගේ නිවසට නොවැම්බර් 22 දින රාත්‍රී 10.30 පමණ එල්ල වූ ප්‍රහාරයෙන් ඔහුගේ නිවසට හා නිවස ඉදිරිපිට නවතා තිබු මෝටර් රථයකටද අලාභ හානි සිදු වී ඇත.

දිනුෂ ලියනගේ මහතා ප්‍රකාශ කරන අකාරයට තමන් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වත්තේගම දී ආරම්භ කිරීම පිළිබද උරණ වූ කණ්ඩායම් මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇතැයි තමන් සැක කරන බවයි.

කෙසේ වෙතත් පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත්වීමෙන් පැය 72 ක් ඇතුලත සිදු වූ පස්වන ප්‍රචණ්ඩ ක්‍රියාව  මෙයවන අතර ගත වූ පැය 72 තුල වෙඩි තැබීම් තුනක්, පහරදීම් දෙකක් ඇතුඵ ප්‍රචණ්ඩ ක්‍රියා 5 ක් කළුතර, මග්ගොන, කුරුණෑගල මාවතගම, පුත්තලම මාදම්පේ සහ මැදගම, මහනුවර වත්තේගම ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 November 2014 15:29