May 04, 2024

මෛත්‍රී දළදා වදී 

November 24, 2014

2015 අය වැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේ විවාදයට සහභාගී නොවන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) ප්‍රථමයෙන්ම දළදා මාළිගාවට ගොස් අද පෙරවරු 9.30 පූජාවට සහභාගී වී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය.

ඉන් අනතරුව මෛත්‍රීපාල සිරිසේන මහතා උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියන් හා මල්වතු පාර්ශ්වයට ගොස් නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් බැහැ දුටුවේය.

අද සවස අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට යන නිසා අයවැය ඡන්දයට පැමිණීමට නොහැකි වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය.

 

Rate this item
(0 votes)