May 03, 2024

වන්නි එජාප සංවිධායක ධූරය රෝහණ ගමගේට

November 24, 2014

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ වන්නි දිස්ත්‍රික් සංවිධායක ලෙස හිටපු පලාත් සභා මන්ත්‍රී රෝහණ ගමගේ මහතා පත් කර තිබේ.

වන්නි දිස්ත්‍රික්කය තුළ එජාපය පසුගිය මැතිවරණයේදී පසුබෑමකට ලක්වූ අතර එය වර්ධනය කර ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

රෝහණ ගමගේ මහතා ශ්‍රීපති සූරියආරච්චි මහතා සමඟ එක්සත් ජාතික පක්ෂය තුළින් දේශපාලන ගමන ආරම්භ කර ඇති අතර ඔහු කලක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස සේවය කර ඇත. 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 November 2014 13:43