May 05, 2024

මෛත්‍රීගේ සන්ධානයේ නම, ඡන්ද සලකුණ දින දෙක තුනකින් ප්‍රකාශයට   

November 24, 2014

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන විපක්ෂ පෙරමුණේ නම හා ඡන්ද ලකුණ දින දෙක තුනකින් ප්‍රකාශයට පත් කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ මහනුවරදී මාධ්‍යවේදීන් අමතමිනි.

ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත මෛත්‍රීපාල සිරිසේන මහතා 'අපේ ජාතික පෙරමුණ' නමින් වූ සන්ධානයක් ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වනු ඇති බව වාර්තා වේ. 

එම සන්ධානයේ පොදු අපේක්ෂකයාගේ ඡන්ද සලකුණ 'දුරකථනය' වනු ඇති බව ආරංචි මාර්ග පවසයි.

'අපේ ජාතික පෙරමුණ' (Our National Front) දේශපාලන  පක්ෂයක් ලෙස 2009 වසරේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී පවතින පක්ෂයක් වන අතර එම පක්ෂයේ සභාපතිවරයා ලෙස මංගල සමරවීර මහතාත් පක්ෂයේ ලේකම්වරයා ලෙස රුවන් ෆර්ඩිනැන්ඩස් යන මහත්වරු කටයුතු කරමින් සිටියහ. 

මේ අතර, 'අපේ ජාතික පෙරමුණ' පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා ඊයේ (23) වන විට එම තනතුරින් ඉල්ලා අස් වී ඇති බවත් ඉදිරි දින කීපය තුළ දී එම පක්ෂයේ සෙසු තනතුරු රැසක ද වෙනස් වීමක් සිදුවනු ඇති බවත් වාර්තාවේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 November 2014 11:54