May 05, 2024

හිරුණිකා, මෛත්‍රී ගැන හොඳ කියයි  (VIDEO)

මෛත්‍රීපාල සිරිසේන දේශපාලනයේ පිරිසිදු අවංක චරිතයක් බවත් ඔවුන් නැවත පක්ෂය නොඑන බවත් එනිසා පක්ෂය ඇතුලෙ ඉන්න පුද්ගලයින් රැකගත යුතු බවත් එජනිස බස්නාහිර පලාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 

ඇය සඳහන් කළේ  “රාජිත සේනාරත්න හා මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මගේ තාත්තගේ මරණේ වේලාවේ මරණින් පසුවත් තාත්තා වෙනුවෙන් නොබියව කතා කරපු දෙන්නෙක් “ 

“මේ විදිහට එක්කෙනා දෙන්නා යන්න ගියොත් අවසානයේ මේ පක්ෂය ඇතුලෙ ඉතුරු වෙන්නේ කුඩු කාරයෝ ටිකයි, එතනෝල් කාරයෝ ටිකයි, මංකොල්ලකාරයෝ ටිකයි, බිස්නස් කාරයෝ ටිකයි විතරයි. ඇත්ත නිල් ලේ තියෙන නිදහස් පාක්ෂිකයෝ හොයාගන්න බැරිවෙනවා තව ටිකක් කල් යනකොට. මේක අපිට ලොකු පාඩමක් උගන්වන සමයක්. අපිට ඉස්සර තිබුනේ සඟ, වෙද ,ගුරු, ගොවි,කම්කරු කියලා. අද මොකක්ද කියන්න වෙලා තියෙන්නේ? කුඩු, එතනෝල්, මිනීමැරුම්, දූෂණ,වංචා, කොමිස් මේ පක්ෂයට ලඟදී ආපු හෙන්චයියො ටික නිසා තමයි අපේ මේ අහින්සක හිටපු හොඳ මිනිස්සු ටික අපිට නැති වෙලා යන්නේ” යැයි ඇය පෙන්වා දුන්නාය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 November 2014 09:23