May 05, 2024

පුළුවන්නම් අද අයවැය පරදවන්න - ඇමති බැසිල්ගෙන් විපක්ෂයට අභියෝගයක්

November 24, 2014

පොදු අපේක්ෂක ළඟට එනවා කියන කට්ටිය අරගෙන අද (24) පැවැත්වෙන අයවැය ජන්ද විමසීම පුළුවන්නම් පරාජය කර පෙන්වන්න යැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විපක්ෂයට අභියෝග කළේය. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (23) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බෙම්මුල්ල පේරුවේ ජන්ද පොළ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමිනි.

“ජනවාරි 8 වෙනකම් ඉන්න අවශ්‍යතාවක් නෑ. පොදු අපේක්ෂක ළඟට එනවා කියන පිරිස් අරගෙන අයවැය ජන්ද විමසීම පුළුවන්නම් පරාජය කරන්න. අයවැය ජන්ද විමසීමෙන් ඉහළ ජයග‍්‍රහණයක් ලබන්නේ අපි. මොන පාවා දීම් කළත් අපේ ජයග‍්‍රහණය නියතයි.“ යනුවෙන්  අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)