May 05, 2024

අතුරුදන්වූ විදුහල්පති ගෙදර එයි 

November 24, 2014

අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති නාගසිංහ චිත්‍රපාල මහතා දින 7 කට පසු පොළොන්නරුවේ සිට ඊයේ (23) රාත්‍රියේ සිය නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

තමාට සිදුවූ  කිසිවක් මතක නැති බවත් ඉන්පසු ඔහු රෝහල් ගත වී ඇති බවත් නිවසට පැමිණ පොලිසිය හමුවට ගිය විදුහල්පතිවරයා පවසා ඇත.

මෙම විදුහල්පතිවරයා පසුගිය 19 වැනි දා සිට අතුරුදන් ව සිටි අතර ඔහු සොයා විශේෂ පොලිස් මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබිණි.

Rate this item
(0 votes)