May 05, 2024

අද අයවැය ඡන්දයෙන් රජය දිනනවා

November 24, 2014

අයවැය තෙවන වර ඡන්ද විමසීම ඉතිහාසගත වැඩි ඡන්ද ගණනාවකින් සම්මත වීම අනිවාර්ය බව ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (23) රුපියල් මිලියන 29,200 ක්‌ වැය කරමින් අරම්භ කෙරුණු මතුගම ජලසම්පාදන ක්‍රමයේ සමාරම්භක උත්සව අවස්‌ථාවට එක්‌වෙමිනි.

අද (24) පැවැත්වෙන මීළඟ වර්ෂය සඳහා වූ අයවැය ලේඛන ඡන්ද විමසීමේදී ආණ්‌ඩුව පැරදවීමට කුමන්ත්‍රණකරුවන් උත්සාහ කළද එය කිසි දා යථාර්ථයක්‌ නොවන කරුණක්‌ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අයවැය ඡන්ද විමසීම් ජයග්‍රහණයෙන් නොනැවතී මීළඟ ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ජයග්‍රහණයද ස්‌ථිර බවත් විජාතීය කුමන්ත්‍රණකරුවන් හා මෙරට බලලෝභී දේශපාලනඥයින් සමග එක්‌ව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටපු මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබුවේ පොඩි ළමයකු ගත් බොළඳ තීරණයක්‌ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 

Rate this item
(0 votes)