May 18, 2024

ජනපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගනී - අවසන් දිනය ලබන 04 වැනිදා

November 23, 2014

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ඉල්ලුම් පත් භාර ගැනීම මේවන විට ආරම්භ කර ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ඉල්ලුම්පත් තමන් අදාළ දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු බවත් තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීම ලබන මස 4 වන දායින් අවසන් වීමට නියමිත බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා සඳහන් කළේය. 

තැපැල් ඡන්දය ඉල්ලුම් කිරීමට ප්‍රථම 2014 ඡන්ද හිමි නාම ලේඛනයේ  සිය නම තිබේ දැයි, පරීක්ෂා කරන ලෙසත්, 2014 - වන ඡන්ද හිමි නාමලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙන් ම ග්‍රාම නිලධාරී කාර්යාලවල ද තබා ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසී ය.

මීට අමතරව ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ සේවයේ නියුතු පිරිස්වල පහසුව සඳහා 2014 ඡන්ද හිමි නාම ලේඛනයේ දත්ත ඇතුළත් සංයුක්ත තැටි ලබා දීමට සැලසුම් කර ඇති බව ද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)