May 18, 2024

මාදම්පේ වෙඩි තැබීම් දෙකක් 

November 23, 2014

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රබල එජාප ක්‍රියාකාරිකෙයකු වන මිල්ටන් මහතා ගේ මාදම්පේ  පිහිටි නිවසට ඊයේ (22) රාත්‍රී 12.20 ට පමණ අවස්ථා දෙකක දී වෙඩි ප්‍රහාර එල්ල කොට ඇති බව කැෆේ සංවිධානය පවසයි.

දෙවැනි වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ මිල්ටන් මහතා ගේ නිවසට සැතපුම් 4 කට පමණ දුරින් පිහිටි සුදේශ් ප්‍රියංකර  මහතා ගේ නිවසටය.  ප්‍රහාරයන් දෙකන්ම කිසිදු අයෙකුට තුවාල සිදුවී නොමැති අතර දේපල අලාභ ද සිදුවී නොමැති බව එම සංවිධානය සඳහන් කරයි.

මෝටර් සයිකල් වලින් පැමිණි පිරිසක් තම නිවසට වෙඩි තැබූ බවත් ශබ්දය ඇසී තමන් එළියට පැමිණෙන විට මේ පිරිස පළා ගිය බවත් ඊට විනාඩි දහයකට පමණ පසු නැවත වරක් මෝටර් බයිසිකලයකින් පැමිණ තම වත්ත දෙසට වෙඩි තැබූ බවත් මිල්ටන් මහතා කැෆේ සංවිධානය වෙත ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව වාර්තා වූ දෙවන සහ තෙවන වෙඩි තැබීමේ සිදුවීම මෙය වන බවත් පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත්වීමෙන් පසු සිදුවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 4 ක් වන බවත් එම සංවිධානය පැවසී ය. 

මේ වන විට එම ප්‍රචණ්ඩ ක්‍රියා වලදී තුවාල ලැබු  පුද්ගලයින් තිදෙනෙක්  කොළඹ සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර සිටිති. ඉන් අයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)