May 18, 2024

ආරවුලකට මැදි වූ තරුණිය ඝාතනය කරයි

November 23, 2014

කොට්ටාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණියක ඝාතනය කර තිබේ.මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණියකි.
පොලීසිය පැවසුවේ ඊයේ(22) පස්වරුවේ අදාළ තරුණියගේ ඥාති සොයුරියක සහ තවත් පුද්ගලයෙකු අතර ආරවුලක් හටගෙන ඇති බවයි.
එම ස්ථානයට ගිය අදාළ තරුණිය ද එම ආරවුලට මැදි වී ඇති අතර එම අවස්ථාවේ දී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබු අදාළ තරුණිය හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

Rate this item
(0 votes)