May 18, 2024

සෞඛ්‍ය අමාත්‍යාංශය නිසා උතුරට වැසිකිළි

November 23, 2014

2016 වන විට උතුරු පළාතේ වැසිකිළි නොමැති සියලුම පවුල්වලට එක් වැසිකිළිය බැගින් ලබාදෙන බව සඳහන් වෙයි.

ඒ ශ්‍රී ලංකාවේ සමස්ථ පවුල්වලින් 87248 කට වැසිකිළි පහසුකම් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කළ සමීක්ෂණයකින් හෙළි වීමෙන් අනතුරුවය.

මෙම සංඛ්‍යාවෙන් අඩකට වඩා පවුල් ගණනක් වෙසෙන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල බව කියන උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය ලේකම් ආර්. රවීන්ද්‍රන් වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතේ පවුල් 24917 කටද නැගෙනහිර පළාතේ පවුල් 24592 කටද වැසිකිළි නොමැති බව අනාවරණය වී ඇති බවයි.

මෙම සමීක්ෂණයට අනුව දිවයිනේ වැසිකිළි භාවිත නොකරණ අඩුම පිරිසක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 574 කි.

දිනසේන රතුගමගේ - වව්නියාව

Rate this item
(0 votes)