May 18, 2024

ජනපති දැදුරු ඔයේ මංගල දියවර මුදාහරී

November 23, 2014

දැදුරු ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ මංගල දියවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සුබ මොහොතින් ඊයේ (22) මුදාහැරිණි.

දැදුරු ඔය ජලාශ පරිශ‍්‍රයේ දී අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවති මහෝත්සවයේ දී ජනාධිපතිවරයා දැදුරු ඔය මංගල දියවර මුදාහැරීමට එක්විය.

මේ ව්‍යාපෘතිය මඟින් පවුල් 150,000කට වැඩි පිරිසකට පානීය ජලය සැපීයමට ද වගාබිම් අක්කර 30000කට වැඩි ප්‍රමාණයකට ජලය සැපයීමට ද කටයුතු කෙරෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වේ.

මුළුමනින් ම දේශීය ඉංජිනේරු තාක්ෂණයෙන් ඉදිකරන ලද මෙම දැදුරු ඔය ව්‍යාපෘතිය මඟින් ජලවිදුලිය ද නිපදවීමට කටයුතු කර තිබෙන අතර වාර්ෂිකව ජලය ඝන මීටර් මිලියන දහසක් මේ මඟින් මුදා හැරීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Rate this item
(0 votes)