May 18, 2024

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

November 23, 2014

මේවන විට පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් හා අංගමුව වැවේ හදිසි වාන් දොරටුව අඩියක් බැගින් විවෘත කර ඇත. එම වැව්වල අමතර ජලය කලා ඔයට මුදා හැර තිබෙන අතර කලාඔය දෙපස පහත්බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින මෙන් දැනුම් දෙනු ලැබේ.

මේ අතර නාච්චදූව වැව, නුවර වැව, හුරුළු වැව, මහකනදරාව හා පදවිය යන වැව්වල ජල මට්ටම් ද මේ වනවිට ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

Rate this item
(0 votes)