May 18, 2024

ඉඩම් කොල්ලයට නම ගිය 'පිස්තෝල නගරාධිපති' රාජිත පසුපස

November 22, 2014
හම්බන්තොට වරායට පැමිණි අවස්ථාවේ එජාප මන්ත්‍රීවරුන්ට පිස්තෝලය පෙන්වා තර්ජනය කළ හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීම සඳහා ඊයේ කොළඹට පැමිණ ඇත.ඔහුගේ 'ටීම් එරාජ්' ලෙස සඳහන් වාහනයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය හමුව පැවැත්වෙන ස්ථානයට පැමිණ හඬ නගමින් ප්‍රීති ඝෝසා කළබව මාධ්‍ය කැමරාවල සටහන්ව ඇත.නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා රාජිත සේනාරත්න මහතාගේ අනුගාමිකයෙකි.
 
කෙසේවෙතත් එජාප මන්ත්‍රීවරුන්ට පිස්තෝලය පෙන්වා තර්ජනය කළ හම්බන්තොට නගරාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳ එජාප මන්ත්‍රීවරු දෙදෙනෙක් තම අප්‍රසාදය පල කර ඇත.ඔහු මේවනවිට ඉඩම් කොල්ලකෑම් නිසා දැඩි අප්‍රසාදයට පත්ව ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.
Rate this item
(0 votes)