July 01, 2024

මෛත්‍රිපාලගේ අලුත්ම චිත්‍රපටය ‘ඇගේ වෛරය’

November 22, 2014

මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන විට රඟ දක්වමින් සිටින්නේ ‘ඇගේ වෛරය’නම් වූ චිත්‍රපටය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මේ වන විට පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

එහෙන්ම සිය පක්ෂයෙන් ඉවත් වූ සියලුදෙනාම මේ වන විට එකතු වී ඇත්තේ බෙදුම්වාදයට ඉඩ ලබා දෙන පාර්ශවයන් සමග බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

හෙතෙම මේ බව සඳහන් කර සිටියේ මේ වන විට කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින්.

මෙම මාධ්‍ය හමුව සඳහා මේ වන විට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න එක්වී සිටි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 November 2014 16:48