July 01, 2024

මෛත්‍රීපාලගේ විශේෂ ප්‍රකාශයකට මාධ්‍ය කැඳවයි 

November 21, 2014

අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බැවින් කොළඹ නව නගර ශාලාව වෙත පැමිණෙන ලෙස මාධ්‍යවේදීන්ට අද(21) පෙරවරුවේ ආරාධනා කර ඇත.

අද පෙරවරු 10.30ට මෙම ප්‍රකාශය සිදු කරන බව දැනුම් දී තිබේ. එහෙත් එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ එවැනි අවස්ථාවක් සඳහා එම ස්ථානයේ කිසිදු සූදානමක් නොමැති බවයි.

මේ අතර අමාත්‍යවරයා විසින් අද (21) දිනයේදී අමාත්‍යාංශයට සම්බන්ධ පත්වීම් ප්‍රදානය කිරීමක් සිදු කිරීමට නියමිත තිබූ අතර එය ද අවලංගු කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 21 November 2014 09:30