May 19, 2024

රූ රැජිනියන් බෙන්තර ගඟෙන් එහාට 

ෆෙමිනා මිස් ඉන්ඩියා 2014 අවසන් වටයේ ජයග්‍රාහිකාවෝ 25 දෙනා පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වූ අතර  ඔවුහු පසුගිය දා ගාල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.

එම සංචාරය අතර තුර එම තරගකාරියන් 25 දෙනා සහ 2013 වසරේ රූ රැජිනි පදවි ලද 04 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෝක උරුමයක්වන ගාල්ල කොටුව ආශ්‍රිත ප්‍රදේශ නැරඹීම සඳහා පැමිණියහ.

එම ජයග්‍රාහිකාවන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මහත් රැකුලක් බව සිනමන් හොටෙල් ඇන්ඩ් රිසොට්ස්හි සන්නාම අලෙවි ප්‍රධානී දිලිප් මදදෙණිය මහතා පැවසුවේ ය.

ලංකින්ද නානායක්කාර 

Rate this item
(3 votes)
Last modified on Friday, 14 March 2014 12:00