July 01, 2024

ගලේවෙල දිවිනසාගත් සිසුවාගේ සිද්ධිය පරිගණකයේ පටිගත වෙලා (වීඩියෝ සහිතයි) 

ගලේවෙල, තලකිරියාගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු තම නිවසෙහි ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියක් පිළිබඳ පසුගිය ඔක්තෝම්බර් 04 වැනිදා වාර්තා විය.

එහිදී අනාවරණ වූයේ ගෙළ වැළලාගෙන මිය ගිය සිසුවා අසල පරිගණකයක් ක්‍රියාත්මක වී ඇති බවයි. නමුත් එම පරිගණකයේ මුර පදයක් යොදා තිබීම හේතුවෙන් එම පරිගණකය ක්‍රියාත්මක වී තිබුණෙ කුමකටද යන්න සොයා ගත නොහැකි විය. මහේස්ත්‍රාත්වරයා එම අවස්ථාවේදී නියෝග කළේ පරිගණක විශේෂඥයෙකු විසින් පරීක්ෂා කර දන්වන ලෙසයි.

ඒ අනුව එම සිසුවා විසින් සිද්ධිය පටිගත කර ඇති අතර එය මේ වන විට මාධ්‍යයට අනාවරණ වී තිබේ. අදාළ සිසුවා මියගොස් ඇත්තේ, සිය දිවි නසා ගන්නා ආකාරය ඇගවීමට යාමේදී බව පොලිසිය පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 16 November 2014 09:38