May 07, 2024

මහ සයුරේ අවසන් සුසුම් හෙළු ධීවරයාගේ මළ සිරුර අයිස් මතින් ගොඩබිමට

මුලතිව් සිට සැතපුම් 800 ක් පමණ ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදී සිටිය දී හදිස්ස්යේ මරණයට පත් ධීවර කාර්මිකයෙක්ගේ මෘත ශරීරයක් අයිස්වල බහා දින 03 ක් යාත්‍රා කර ත්‍රිකුණාමලය වරායෙන් ඊයේ රාත්‍රියේ ගොඩබිමට රැගෙන ආ බව ත්‍රිකුණාමලය වරාය පොලීසිය පවසයි.

බේරුවල ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයෙක් එලෙස මරණයට පත් ව තිබේ.

කෝරළේ අංක දෙක නමැති බහදින යාත්‍රාවෙන් මෘත ශරීරය ගොඩබිම වෙත රැගෙන ආ බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.

 

Rate this item
(3 votes)
Last modified on Tuesday, 11 March 2014 17:30